(ජුඩ් සමන්ත)
රුපියල් ලක්ෂ නවයක් වටිනා විස්කි බෝතල් 176 ක් බලපත්‍ර රහිතව සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටින විට මාදම්පේ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත - කාක්කපල්ලිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
තමන් කොළඹ සිට හලාවත පිහිටි සංචාරක හෝටල් දක්වා මෙම විස්කි තොගය රැගෙන ආ බවත්,කාලයක සිට පුද්ගලික ව්‍යාපාරයක් ලෙස විස්කි ප්‍රවාහනය සිදු කර ඇති බවත් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සුරාබදු නිලධාරීන් හමුවේ පවසා ඇත.

