ලක්ෂ තුනක හෙරොයින් සමඟ දෙදෙනකු සැකපිට


බිමල් ශ්‍යමන් ජයසිංහ 
 
පානදුර ඇතුළු ප්‍රදේශ රැසකට හෙරොයින් මත්කුඩු පැකට් බෙදා හැරිමේ නිරත වූ බව කියන කන්තාවක හා පුද්ගලයකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු පැකට් පන්සිය විස්සක් සමඟ අත් අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
 
මීට මාස අටකට පමණ ඉහත දී හෙරොයින් මත්කුඩු සමඟ අත් අඩංගුවට පත් වූ පානදුර රගු වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගේ මව එම මත්කුඩු ව්‍යාපාරය ඒ අයුරින්ම සිදු කරගෙන යන බවට පානදුර උතුර පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.
 
සැකකාර කාන්තාව සන්තකයේ හෙරොයින් මත්කුඩු පැකට් 320ක් හා සැකකරු සන්තකයේ තිබි හෙරොයින් මත්කුඩු පැකට් 200ක් සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි.
සැකකාරියගේ පුතු මත්කුඩු චෝදනාවට සිර ගතව සිටිහ.