ලක්ෂ 50 කට අධික කේරල ගංජා සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට



 
රොමේෂ් මධුෂංඛ
 
යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්නයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 36 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු සහ යාත්‍රාවක් උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


උතුරු නාවික විධානයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ඩෙල්ෆ් දූපත ආසන්නයේ පිහිටි අනලතිව් දූපතේදී අදාළ අනවරසර යාත්‍රාව පරික්ෂා කර ඇති අතර එහි සඟවා තිබූ අදාළ කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් ධීවරයින් ලෙසින් වෙස්වලා උතුරේ කේරල ගංජා ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් වෙතට ලබාදීමට සැලසුම් කර ඇති අතර සැකකරුවන් ඉන්දියාවේ තිරුවන්දනායි ප්‍රදේශයේ පදිංචි 28,30,31, සහ 42 යන වයස් කාණ්ඩයේ පසුවන්නෝ වෙති.


අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සිව් දෙනා වැඩිදුර පරික්ෂණ සඳහා යාපනය කන්කසන්තුරෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබිණි.