(එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ව්‍යසනය හේතුවෙන් ඇල්පිටිය නවය කණුව ප්‍රදේශයේ වසා දැමුණු ඇගලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ දාහතක් වටිනා ජුකී මැෂින් සොරකම් කල පුද්ගලයින් සිව්දෙනෙකු අද (14) රාත්‍රීයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
සැකකරුවන් විසින් සොරකම් කරන ලද ජුකී මැෂින් හැට එකද සොයා ගත් බවද පොලීසිය කියයි.
ඇගලුම් කර්මාන්ත ශාලාව කොරෝනා ව්‍යසනය නිසා මේ වසරේ මාර්තු මාසයේ සිට වසා දමා ඇති බවත් එහි සේවය කල ආරක්ෂක නිලධාරීන්ද, මීට මාස දෙකකට කළින් ඉවත් කර ඇති බවත් පොලීසිය කියයි.
ආරක්ෂක නිලධාරීන් මේ ඇගලුම් කර්මාන්ත ශාලාවෙන් ඉවත් කිරීමත් සමගම සැකකරුවන් එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ දොරක් කඩාගෙන ගොස් එහි සවිකර තිබූ ජුකී මැෂින් සියල්ලම සොරකම් කොට ඇති බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කල පරීක්ෂණවලදී සැකකරුවන් ඉතා අඩු මිලකට මේ ජුකී මැෂින් ඇල්පිටියේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට අලෙවි කර තිබියදී සොයා ගත් බවද පොලීසිය කියයි.
මේ සොරකමට සම්බන්ධ සැකකරුවන් හතරදෙනා හෙට (15) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්පිටිය පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.