ලක්ෂ 06 ක මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට


(ජේ.කේ.එල්. චාමින්ද)

මාළු ව්‍යාපාරිකයකුට ලබාදිය යුතු  රුපියල් ලක්ෂ 06 ක මුදලක් ඔහුට ලබා නොදී එම මුදල වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ  සැකකරුවකු අද (07) රත්ගම කිරිමැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පවසයි.

මෙකි මාළු ව්‍යාපාරිකයාගේ මාළු සැකකාර පුද්ගලයා විසින් තම ලොරි රථයෙන් කුලිපදනම මත මීගමුව ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට අලෙවි කිරීම සඳහා රැගෙන ගොස් ඇත.

මීගමුවේ මාළු වෙළෙන්දා විසින් මසුන් සඳහා රුපියල් ලක්ෂ 06 ක මුදලක් සැකකරුට ලබාදී ඇත.  සැකකරු විසින්  එම මුදල  මාළු ව්‍යාපාරිකයාට ලබා නොදි වංචා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙකි ගණුදෙණුව  වී සතියකට පමණ පසු  මාළු සඳහා මීගමුව ප්‍රදේශයේ මාඵ වෙළෙන්දා විසින් සැකකරුට  මුදල් ලබාදී ඇති බව මාළු ව්‍යාපාරිකයා දැනගෙන ඇත.

ඔහු මේ පිළිබද සැකකරුගෙන් විමසා ඇති අතර එය තමන්ට වියදම් වු ඔහු පවසා තිබේ පසුව සැකකරු විසින් .රුපියල් ලක්ෂ  06ක මුදල සඳහා චෙක්පතක් ලබාදී තිබේ. 

මාළු ව්‍යාපාරිකයා විසින් එම චෙක්පත මගින් බැංකුවට මුදල් ලබා ගැනීමට ගිය අවස්ථාවේ  සැකකරුගේ ගිණුමේ මුදල් නොමැති බව දැනගෙන ඇත.

පසුව ඔහු මේ පිළිබද තෙලිකඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.