ලබන වසරේ දී පැවැත්වීමට නියමිත දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 40 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව ද්වීපාර්ශවීය සබඳතා වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කොරියා රජය සමඟ එකඟතාවයට පැමිණ ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
කොරියාවේ නිල සංචාරයක නිරතවූ විදේශ ඇමැති සහ කොරියා විදේශ අමාත්‍ය යුන් බ්යුන්-සේ අතර පැවති සාකච්ඡා වලින් පසු මෙම එකඟතාවය ඇතිවී තිබේ.
එහිදී ආයෝජනය හා වෙළඳාම යන කරුණු දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානයට යොමු කර ඇති අතර කොරියා රජය සමඟ පවත්නා ආර්ථික සබඳතා පුළුල් කරගැනීම සඳහා ඇති අවශ්‍යතාවය ද මංගල සමරවීර අමාත්‍යවරයා පෙන්වා දී ඇත.