ලංවිම ඉල්ලීම ඉවතට


හදිසි අවශ්‍යතාවයක් සේ සලකා මෙගාවොට් 55ක විදුලි පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සඳහා ලංකා  විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලු නමුත් අනුමැතිය ලැබී නැත.

එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංවිමට ලිපියක් යවා ඇත.

හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට පෙර සිය අනුමැතිය ලබාගත යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම පෙන්වා දී තිබේ. මෙම විදුලිය මිලදී ගැනීමේදී සෘජුවම ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ලංවිම ක්‍රියා කර ඇති අතර එය ශ්‍රී ලංකා විදුලිබල පනත උල්ලංඝණය කිරීමක් බව කොමිෂම කියයි.

ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති දත්ත නොමග යවන සුළු බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම ප්‍රකාශ කරයි.