ශ්‍රී ලංකාවට කුවේට ඩිනාර් මිලියන 10 ක් එනම් ඇමරිකා ඩොලර් මිලියන 34 ක (රු. 4991133398.32) ආධාර සැපයීම සදහා කුවේට් රජය ශ්‍රී ලංකාව සමග ගිවිසුමකට එළැඹි ඇතැයි කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාල සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉදිකිරීම් සදහා මෙම මූල්‍යධාරය විශේෂයෙන් යොදා ගැනීමට නියමිතය. මෙම පීඨයේ ඉදිකිරීම් සැලසුම් කිරීමේ සිට නිමා කිරීම දක්වා කුවේට මූල්‍යාධාරයෙන් සිදුකෙරෙන අතර ව්‍යාපෘතිය 2019 වසරේදී සම්පූර්ණ කිරීමට නියමිතය.
මඩකලපුව ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සදහා එය ඉවහල් වනු ඇති බවට කුවේට් රජය සදහන් කර සිටී.