(ජයකාන්ත ලියනගේ)
බළපිටිය මූලික රෝහලෙන් ඉවතලන මිනිස් කොටස්, මළ මුත්‍රා, කසල ඇතුළු අපද්‍රව්‍ය විවෘත කාණුවක් දිගේ ගලාවිත් කරබානවෙළ හා මාඳුගඟේ ජල පෝෂක ප්‍රදේශය හරහා මාඳුගඟට එකතු වීමෙන් දැවැන්ත පාරිසරික ගැටළු මතුව තිබෙන බව බලපිටිය, වලගෙදර ප්‍රදේශවාසීහූ පවසති.
මෙම අපද්‍රව්‍ය වලගෙදර ගම්මානය හරහා උත්තම ඥාණ මාවතේ විවෘත කාණුවක් තුළින් ගලා බසින බවත් ඒ නිසාම කාණුව අවට විශාල දුර්ගන්ධයකින් හමන බව ගම්මු කියති.
මෙම කාණුව දිගේ රෝහලෙන් ඉවතලන රෝහල් වාට්ටු සෝදන අප ජලය, ශල්‍යාගාරවලින් ඉවතලන රුධිරය ඇතුළු සියළු අපද්‍රව්‍ය ගලා බසින බවද ඔවුහු ප්‍රකාශ කරති. එයට අමතරව රෝහලේ අපදව්‍ය ඉටිකවර වල දමා රෝහල් තාප්පය අසල ගොඩ ගසා ඇති අතර දිගු කලක සිට මෙසේ පවතින අපද්‍රව්‍ය කාණුවට සේදී යන බවද ගම්වාසීහු පෙන්වා දෙති.