(අමල් වික්‍රමරත්න)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයට අයත් සම සෞඛ්‍ය පීඨයේ සිසූහූ කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද (21) උද්ඝෝෂණයක නිරත වූහ.
සම සෞඛ්‍ය පීඨය සදහා අවශ්‍ය අවම පහසුකම්වත් ලබාදීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් නොකිරීමට විරෝධය දක්වමින් සහ නේවාසික පහසුකම්,දේශනශාලා පහසුකම් ඇතුළු පහසුකම් කොතෙක් ඉල්ලා සිටියද ඒවාට නිසි විසඳුමක් ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතාව පවත්වන බව විරෝධතාකරුවෝ කීහ.
බලධාරීන් මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොකළහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට යාමට අකමැත්තෙන් හෝ තමන්ට සිදුවන බව විරෝධතාකරුවෝ පැවසූහ.