රුහුණු සරසවියේ සිසුන් විරෝධතාවයක


ජි.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා

 

රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (29) ගාල්ල කරාපිටිය රුහුණ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය ඉදිරිපිට දී පැවැත්විණි.

විරෝධතාවයට එක්වූ සිසුන් සිය විරෝධතා පුවරු මගින් ඉල්ලා සිටියේ ජීවන වියදමට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරන ලෙස ප‍්‍රතිපාදන කප්පාදුව නවත්වන ලෙස දල දේශිය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස සහ සියළු අධ්‍යයන සුභ සාධන ගැටළු වහාම විසඳන ලෙසත්ය.

රුහුණ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨ සිසුන් උළුවිටෙකේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියහ.