(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව අද (19) ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාවය රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබිණි.
මෙම උද්ඝෝෂණයට එක් වූ පිරිස කියාසිටියේ දැනට විශ්වවිද්‍යාලය තුළ කෙරෙන සිසු මර්දනය වැනි ක්‍රියාකාරකම් වහා නතර කළ යුතු බවයි.



