ඇමෙරිකා ඩොලරය හමුවේ රුපියල අවපාත විම නිසා බේකරි හිමියන්ට හා පාරිභෝගිකයාට අසීරු කාලයක් උදා වී තියෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතා කියයි.
ඇමරිකා ඩොලරයේ විකුණුම් මිල රුපියල් 150 දක්වා ඉහළ ගිය නමුත් එය අද රුපියල් 146.78 දක්වා අඩු වී තිබේ.
පාන් නිෂ්පාදනයට අවශ්‍ය පාන් පිටි සහ අනිකුත් ද්‍රව්‍යයන් ඉන්දියාව ඇතුළු රටවලින් ආනයනය කිරිම නිසා තම නිෂ්පාදන වියදම ඉහළ යන බව පෙන්වා දෙයි.