(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් කරුවලගස්වැව මී ඔය පාලම අසළදී මාර්ගයෙන් ඉවතට පැන අද(25) සිදුවු අනතුරින් රථයදෙකට කැඩී රියදුරු බරපතල තුවාල ලබා ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි .
මුතුර් සිට පුත්තලමට මාළු ප්‍රවාහනය කරමින් තිබු මෙම ලොරි රථය උදෑසන මී ඔය පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව තිබු බව පොලිසිය කියයි.
මාර්ගයෙන් ඉවතට විසිවී ගිය කැබ් රිය දෙකට කැඩි වෙන්වි තිබු අතර කැබ් රියේ තට්ටුව ද වෙන්වී ඇත.
අනතුරින් එහි ප්‍රවාහනය කරමින් තිබු මසුන් මාර්ගය පුරා විසිරී තිබුණි.