(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නාත්තන්ඩිය කුලියාපිටිය මාර්ගයේ සිදුවු රිය අනතුරකින් දියණියක හා මවක මියගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නාත්තන්ඩිය වැලිපැන්න ගහමුල්ල මීගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි, 54 හැවිරිදි චන්ද්‍රිකා සෙනරත් මැණිකේ හා 21 හැවිරිදි අධිකාරි ආරච්චිගේ අහිංසා දුලාංජනී යන අයය.
නාත්තන්ඩිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වු දියණිය රැගෙන ඒම සඳහා ගොස් ආපසු නිවස බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව හා දියණිය මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත. පිටුපසින් පැමිණි යතුරු පැදියක් ඔවුන්ගේ යතුරු පැදියේ ගැටී ඇති අතර, මාර්ගය මැදට විසිවී පසුපසින් පැමිනි ඩිමෝ බට්ටා ලොරියකට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
බරපතල තුවාල ලැබූ ඔවුන් මාරවිල මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
අනතුරින් මරණයට පත්වු මව උඩුබද්දාව බිබිලාදෙණිය විද්‍යාලයේ සංගීත ගුරුවරිය බවද දියණිය නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක බවද අනාවරණය වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.