(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිටදී අද (18) යතුරු පැදියක් ලොරි රථයක සහ බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බූස්ස කදුරුපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 63 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා කොළඹ සිට ගාල්ල දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එම දිසාවේ සිට පැමිණි බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී බසයේ ඉදිරිපස දකුණු මුල්ලේ වැදී යතුරු පැදිය විසිවී තිබේ.
ඒ සමගම ඉදිරියෙන් පැමිණි ලොරියක් ඔහුගේ හිස මතින් ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

