(සිතුම් චතුරංග)
යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය අරවියල් නගර්හිදී අද(04) සවස සුඛෝපභෝගී ජීප් රථයක් බස්රථයක ගැටී පුද්ගලයකු මිය ගොස් ඇති බව මාන්කුලම පොලිසිය කියයි.
යාපනයේ සිට පැමිණි සුඛෝපභෝගී ජීප් රථය වාහන කිහිපයක් පසුකරයෑමට උත්සහ කිරීමේදී කිලිනොච්චිය සිට මුරුකණ්ඩි දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය පොදු ජනපෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ ටී. දීපන් නැමති අයෙකි. මියගිය පුද්ගලයා මීට ඉහතදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බවද පොලිසිය පැවසීය.
මියගිය පුද්ගලයාගේ සිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාඝාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇත.
මාන්කුලම රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රිය අනතුරකින් අයෙක් මරුට
Recommended Articles