රිය අනතුරකින් අයෙක් මරුට


(ජයන්ත නා‍නායක්කාර)

ඌරුබොක්ක කොටපොළ මාර්ගයේ කිරිලිපනේ පන්සල අසලදී  ගවයෙකු දක්කාගෙන ගිය පුද්ගලයකු කැබ් රථයක ගැටීම එම පුද්ගලයා සහ ගවයා මියගොස් ඇති බව ඌරුබොක්ක පොලිසිය කියයි.


මියගොස් ඇත්තේ රණවකගේ ධර්මසේන  (68)නැමති කිරිලිපනේ මොරගල ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
 
දෙණියාය කොළවෙණිගම ප්‍රදේශයේ පදිංචි  22හැවිරිදි රියදුරා සහ ට්‍රක් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කැබ් රථයේ රියදුරු බීමත්ව සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

කැබ් රථය තේ පැළ පටවාගෙන ඌරුබොක්කේ සිට කොටපොළ දෙසට ගමන් කර ඇත.

ඌරුබොක්ක  පොලීසියේ රථවාහන අංශ‍ය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.