(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර)
මහියංගණය රිදීමාලියද්ද කුඩාලූණුක ප‍්‍රදේශයේ මාර්ගය අසල නවතා තිබූ බැකෝ යන්ත‍්‍රයකට කිසියම් පිරිසක් විසින් අද (4) අලුයම් කාලයේ ගිනි තබා ඇතැයි රිදීමාලියද්ද පොලීසිය පවසයි.
ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා රැගෙන එන ලද බැකෝ යන්ත‍්‍රයක් මාර්ගය අසල නතර කර තිබියදී මෙසේ ගිනි තබා තිබේ.
මෙම ගින්නෙක් බැකෝ යන්ත‍්‍රයට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
මේ පිළිබඳව මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. කිසියම් කෝන්තරයන් මත කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතයි පොලීසිය සැකකරයි.
රිදීමාලියද්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.