රැකියාවක් දෙන බව කියා රවටා කාන්තාවකගේ රන්බඩු කොල්ල කාලා


(මහේෂ් කිර්තිරත්න)

නව රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ රැකියාවක් ලබා දෙන පවසා කෑගල්ලේ  සිට මාතලේට කාන්තාවක් ගෙන්වාගෙන ඇය ලැගුම්හලකට ගෙන ගොස් මත්විමට බිම වර්ගයක් ලබා දි රුපියල් ලක්ෂ තුනක් වටිනා  රන් භාණ්ඩ කොල්ල කෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කළ බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

43 හැවිරිදි මෙම කාන්තාවට සැකකාර යුවළ කුරුණෑගලදි මුණගැසි ඇති අතර එහිදි කුරුණෑගලදි යමක් බිමට දි මත් කර මාතලේ අලුවිහාරස්ථානයට ගෙන ගොස් ඇති අතර පසුව ලැගුම්හලට රැගෙන ගොස් රන් භාණ්ඩ කොල්ලකා ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

 සැකකාර යුවළ  අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කර ඇති අතර මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක උපදෙස් රිදි මාතලේ මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ මෙහෙයවිම මත ආපරාධ විමර්ශනන ඒකකයේ පො.ප එස්.පි.එම් තිලකවර්ධන,පො.ප ප්‍රසන්න,උ.පො.පරික්ෂකවරුන් වන ඇනස්ලි,හෙට්ටිආරච්චි යන නිලධාරින් පරික්ෂණ පවත්වයි.