(දයාරත්න ඇඹෝගම)
රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරු මැද රැකියා විරහිත උපාධිධාරිහූ පිරිසක් අනුරාධපුර නගරයේ දී අද (23) මාරාන්තින උපවාසයක් ආරම්භ කළහ.
පසුගිය දින කිහිපයේම තමන් රැකියා ඉල්ලා අනුරාධපුර නගරයේ උද්ඝෝෂණ කළ බවත් තමන්ගේ ගැටලුව සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතාද හමු වී සාකච්ජා කළද නිසි පිළිතුරක් නොලැබුන බවත් උපවාසයේ නිරත උපාධිධාරිහු පවසති.