(ජයරත්න වික්‍රමාරච්චි)
අද(21) රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘතකර ඇතැයි රාජාංගනය වාර්මාර්ග කාර්යාලය පැවසීය.
අඩි 6 බැගින් දොරටු 2ක්, අඩි 4 බැගින් දොරටු 2ක් හා අඩි 2 බැගින් දොරටු 2ක් විවෘතකර ඇති බවත්, එමගින් තප්පරයකට ජලය ඝණ අඩි 6460ක් කලාඔයට මුදාහැරෙන බවත් එම කාර්යාලය සඳහන් කළේය.
ඊයේ 20 දිනය වනවිට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ජලය ඝණ අඩි 8,900ක් කලාඔයට මුදාහැරීමට පියවර ගත් බවත්, අද දොරටු 6ක් දක්වා අඩු කිරීමට හැකි වූ බවත් එම වාරිමාර්ග කාර්යාලය පැවසීය.
රජරට ප්‍රධාන ජලාශයක් වන රාජාංගනය ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 81,600කි. වාන් දොරටු 30ක් මෙහි ස්ථාපිතකර ඇත. ඒ අනුව ඉදිරියේදීද ජලාශයට එක්රැස්වන ජලධාරිතාව සැලකිල්ලට ගෙන වාන් දොරටු විවෘත කිරීම හෝ වැසීම පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.