(දයාරත්න ඇඹෝගම)
රාජාංගනය ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයකු අද (22) දිය පහරට හසුවී මියගිය බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ යාය 9 ගැමුණුපුර, රාජාංගනය ප්‍රදේශයේ පදිංචි ජේ.ඒ.හරිස්චන්ද්‍ර කුමාර නැමති (27) හැවිරිදි දෙදරු පියෙකි.
මෙම පුද්ගලයා මසුන් ඇල්ලීම සඳහා දැලකුත් රැගෙන රාජාංගනය ජලාශයට බැස ඇති බව පොලිසිය කියයි.
අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ දොරටු අටක් මේවන විට විවෘත කර ඇත. එම දොරටුවලින් පහතට ගලාගිය ජල කඳට ධීවරයා හසුවී දැලේ පැටලී සිටියදී ක්‍රියාත්මකවූ ජීවිත ආරක්ෂකයන් ජලාශයේ දොරටු දෙකක් වසා ඔහු ගොඩට ගෙන ගිලන් රථයක් මගින් තඹුත්තේගම රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.