රස්නායකපුර පවුල් 14ක පුද්ගලයන් 62 ක් නිරෝධායනයට


( ප්‍රියානි මංගලිකා )

රස්නායකපුර ප්‍රදේශයෙන් වාර්තා වූ වැලිසර නාවික සෙබල ආසාධිතයා ⁣සමීපව ඇසුරු කල  පවුල්  14ක.පුද්ගලයන් 62 ක් නිරෝධායනයට ලක් කල  බව රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (06 ) පැවසීය  .

නාවික භටයාගේ මව සහෝදරිය  ඇතුලු පස් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර පවුල් 13 ක  සෙසු  පිරිස් ස්වයං නිරෝධායනයට  ලක් කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  පැවසීය.

නාවික භටයා ලඟින් ඇසුරු  කිරීම.මත නිරෝධායනයට ලක් කල පවුල් වලට  දැඩි ලෙස අවවාද කර ,සෞඛ්‍යාරක්ෂිත කුම පිළිබඳව  උපදෙස් ලබා දී ඇති බවද ,අවධානම් කණ්ඩායම් හඳුනා ගැණීම සඳහා  මේ වන විට විමර්ශන අරඹා ඇති බවද , එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.

රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාසනා මැදගොඩ මහත්මිය ගේ උපදෙස් අනුව  මහජන සෞබ්‍ය පරීක්ෂක මහතුන් වන වසන්ත ජයලත් ,කේ.එච්.එම්.ආර්.බී කහඳව යන මහතුන් පරීක්ෂණ සිදු කරයි.