(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
හැඩිවත්ත පිලාන මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ රන්මාලයක් කොල්ල කෑ පුද්ගලයන් තිදෙනෙකු අද(01) පිලාන මොරගලවත්තේදී අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 28 සහ 29 යන වයස්වල පසුවන්නන් බවද, ඔවුන් තල්පේ සහ පිලාන මොරගලවත්තේ ස්ථිර පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
මෙම පිරිස යතුරු පැදියකින් පැමිණ ඇති අතර, කොල්ලයට යොදාගත් යතුරු පැදියද පොලීසිය බාරයට ගෙන තිබේ.
පැහැරගත් රන්මාලයේ වටිනාකම රුපියල් 48,000 ක් පමණ වන බව අනාවණය වී ඇත.
කොල්ලකන ලද රන්මාලය තනිපොල්ගහ හන්දියේ පෞද්ගලික උගස් මධ්‍යස්ථානයකට උගස් කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.
සැකකරුවන් හෙට (02) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රන් මාලය කොල්ල කෑ තිදෙනෙකු අත්අඩංගුවට
Recommended Articles