( ටී.කේ.ජී.කපිල )
රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු 28 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි .
ඔහු ඊයේ (12) දහවල් 11.30 ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී , ඔහු රැගෙන ආ ගමන් මල්ලේ , ඔහු ඇද සිටි යට ඇදුම් තුළ සහ පැළද සිටි සෙරෙප්පු තුළ මෙම රත්තරන් කැබලි සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙහි රුපියල් 18,86,625 ක් වටිනා ග්රෑම් 290.25 ක් බර රත්තරන් කැබලි 09 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .