රත්නපුර පස් ගොඩක් අනතුරකට අතවනයි


රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටි කොන්ත‍්‍රාත් සමාගමක් රත්නපුර බඹරබොටුව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයට ගොඩ ගසන ලද පස් තොගයක් නාය යෑම නිසා නිවාස හයක් සම්පුර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 20 කට පමණ අවදානමක් ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා පැවසීය.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද(30) රත්නපුර ආණ්ඩුකාර ශ‍්‍රවණාගාරයේදී පැවැති රැස්වීමේදී මේ බව අනාවරණය විය.

මේ සම්බන්‍ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන ලෙසත්, මීට වගකිව යුතු පුද්ගලයන්ට දඩුවම් කරන ලෙසත් පළාත් ආණ්ඩුකාරවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

web-ratnapura2016530--------------------