
(අජිත්ලාල් ශාන්තඋදය)
කොවිඞ් 19 ආසාදිතයෙකු වාර්තාවීමත් සමග රත්නපුර නගරයේ කුඩුගල්වත්ත ප්‍රදේශයේ වෙළඳසැල් 32ක් වසා දමා ඇති බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා අද(14) පැවසීය.
එහෙත් කුඩුගල්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා පනවා නැති බව කී පොලිස් අධිකාරීවරයා වසා දමා ඇති වෙළඳසැල් ආශ්‍රිතව සේවයකරන පුද්ගලයන්ගේ අහඹු පීසීආර් පරීක්‍ෂණ පවත්වා ඉන් ලැබෙන ප්‍රතිඵල සැලකිල්ලට ගෙන වසා දැමු වෙළඳසැල් යළි විවෘත කිරිමට සලකා බලන බව ද සඳහන් කළේය.
රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන පාරේ (ඒ 04) රත්නපුර නගරයේ වරකතොට පාලම දෙසට වන්නට කුඩුගල්වත්ත පිහිටා ඇත.
මෙම ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් මෙන්ම, ගොඩනැගිලි උපකරණ වෙළඳසැල් සහ වෙනත් පුද්ගලික සමාගම් වලට අයත් ව්‍යාපාර ද පිහිටා ඇත.