(ශාන්ත කුලරත්න)
අනවසරයෙන් මෙරටට ගෙන්වා වැල්ලවත්තේ ස්ථාන දෙකක ගබඩා කර තිබු රුපියල් දෙලක්ෂ හැට දහසක් වටිනා විදේශීය සිගරට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසයි.
කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ ස්ථානධිපති උප පොලිස් පරික්ෂක අජිත් කුමාර මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවතේ හෝටලයක අලෙවි කිරීමට තිබු සිගරට් 4200 ක් ද, ඊට යාබද ගබඩාවක සිගරට් 1000 ද තිබී සොයා ගත් බව කියයි.
මෙම සිගරට් තොගයේ මුළු වටිනාකම රුපියල් දෙලක්ෂ හැට දහසක පමණ වන බවද කියයි.
මෙම සිගරට් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැල්ලවත්ත පොලිසියට බාර දීමට නියමිතය.