රජරට සිසුන්ට පහර දුන්නැයි විරෝධතා


( බී.ජී.චතුරංග )

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතාගේ මැරයන් පිරිසක් පසුගිය දා කැකිරාව නගරයේ දී රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දුන්නැයි ඊට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් අද (25) කැකිරාව නගරයේ දී උද්ඝෝෂණයක් කළහ.

ඊට ලංකා ගුරු සංගමයේ සාමාජිකයෝ පිරිසක් ද සහභාගී වූහ.

ඉකුක් 20 වැනි දා ‘වැඩසටහන් දහස‘ මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කැකිරාව නගරයේ දී පැවැත්වූ අතර එහි සිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට චන්දිම ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රහාරයක් එල්ල කළ බවත් පොලිසිය මේ වන තෙක් එම පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නැති බවත් විරෝධතාකරුවෝ පවසති.