(රංජිත් කරුණාවීර)
රන්දෙනිගල හා රංටැඹේ ජලාශ වේලි ආරක්ෂක මුර සේවයේ නියුතුව සිටි හමුදා සෙබළෙකු සේවා මුරය නිමවා හමුදා කඳවුර වෙත යෑමට සූදානම්ව සිටියදී අද (22) රංටැඹේ ජලාශයට වැටී මියගොස් ඇති බව හසලක පොලිසිය පවසයි.
මහියංගන වැඩ බලන මහේස්ත්‍රාත් එස්.ගෝවින්ද මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබූ අතර මරණ පරීක්ෂණය සඳහා සිරුර මහියංගන මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කෙරිණි.
මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රි ලංකා යුද හමුදාවේ රයිෆල් බලකායේ සාමාන්‍ය සෙබළ කනිෂ්ක බණ්ඩාර අතපත්තු නැමැති වයස අවුරුදු 23 ක අවිවාහක සෙබලෙකි.
ඔහු මාවනැල්ල, අලුත් නුවර , පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
වික්ටෝරියා ජලාශයේ රාජකාරි කටයුතුවල නිරතව සිට රන්දෙනිගල හා රංටැඹේ ජලාශ වේලි ආරක්ෂක මුර සේවා සඳහා පැමිණි පළමු දිනයේදීම මෙම සිදුවීම සිදු වී ඇත.
සේවා මුරය නිමවා රංටැඹේ ජලාශයට බැස ඇති සෙබළා පය ලිස්සා ජලාශයට වැටී මිය යන්නට ඇති බව පොලිසිය කියයි.