යුද හමුදාවට දෙවැනි බළ ඇණියක්


ශි‍්‍ර ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට වසර 57 පසු  අද (28) පුරෝගාමී දෙවන බලඇණියක් ස්ථාපිත කළ බව  හමුදාව කියයි.

1881 වසරේ ස්වෙච්ඡා බලසේනාව ආරම්භ කර ඇති අතර ඉන් වසර 78 පසු එනම්  1959 වසරේ   පුරෝගාමී බලකායේ 1 වැනි  බල ඇණියක්  පිහිට වු බවත්   1 වැනි බලඇණිය  පිහිටුවා  වසර 57 ට පසු  අද (28) දින  මතුගම පැලවත්තේ දී දෙවන බලඇණිය පිහිටු බව  ස්වෙච්ඡා බලසේනාවේ සේනා විධායක මේජර් ජනරාල්  චන්න ගුණතිලක මහතා පැවසීය.

ලබන අපේ‍්‍රල් 01 දිනට  ස්වේච්ඡා බල සේනාවට වසර 135 ක් සපිරෙන බවත්  එය නිමිති  කරගෙන මෙම 2 වන බලඇණිය  ස්ථිපිත කිරීමට කටයුතු කළ බව   ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජනරාල්  චන්න ගුණතිලක මහතා පැවසීය.

කොස්ගම සාලාව කදවුරේ  පිහිටි ස්වෙච්ඡා බලසේනා මුලස්ථානයේ  ඊයේ පැවති මාධ්‍ය හමුවකදී චන්න ගුණතිලක මහතා මේ බව පැවසීය.