යුද සමයේ අතුරුදන් වුවෝ සොයා දෙන්නැයි දේව කන්නලව්වක්


(රොමේෂ් මධුෂංඛ)
යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වව්නියාවේදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අදට (8)  දින 500 ක් පිරුණද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති බව කියමින් එම වැසියෝ දෙවියන්ගෙන් විසඳුම් ඉල්ලා යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටදී දේව කන්නලව්වක නිරත වූහ.


යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිටදී මෙම දේව කන්නලව්ව සංවිධානය කොට තිබුනේ යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසිනි.


දේව කන්නලව්වට එක්වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා  පැවසුයේ


‘යුද්දය අවසන් වී වසර 9 ක් ගත වී ඇතත් මේ දක්වා යුද සමයේදී අත්රුදහන් වූ සිය දරු මුණුබුරන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතරම ඒ වෙනුවෙන් විසඳුමක් ලබා දීමට පැවති රජයන්ට මේන්ම වත්මන් රජයටද නොහැකි වී ඇති බවටයි.‍