(රොමේෂ් මධුෂංඛ)
යාපනය නගරයේ බ්‍රවුන්ස මන්සන්ධියේදී අද (28) උදෑසන පුවත්පත් බෙදාහරිමින් සිටි පුද්ගලයෙකුට යතුපැදිවලින් පැමිණි පිරිසක් පහර දී පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
අද උදෑසන 5.30 ටපමණ 53 හැවිරිදි සෙල්වරාසා රාජෙන්ද්‍රන් නැමති පුද්ගලයා යාපනයේ මුද්‍රණය කෙරෙන කාලෙයි කදිර් නැමති පුවත්පත බෙදාහරිමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇත.
යතුරු පැදිවලින් පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් එකවරම තමන්ට පහරදීම සිදු කළ බවටත් පහරදුන් පිරිස් හඳුනාගැනීමට නොහැකි අයුරින් පහරදුන් බවටද පහරදීමෙන් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබන සෙල්වරාසා රාජෙන්ද්‍රන් විසින් පොලීසියට පවසා තිබේ.