යාපනයේදී මාධ්‍යවේදියකුට ප්‍රහාරයක්


(රොමේෂ් මධුෂංඛ)

යාපනයේ සේවය කරන ගුවන් විදුලි ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට යාපනය චාවාකච්චේරිය නගරයේදී පුද්ගලයින් දෙදෙනකු විසින් පහර දෙනු ලැබ පළාගොස් ඇතැයි චාවකච්ඡේරි පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ත්‍රීරෝද රියකින් පැමිණි දෙදෙනකු තමන්ට පහරදී පලා ගිය බවට අදාළ මාධ්‍යවේදියා පොලිසිය පැමිණිලි කර තිබිණි.

දිගින් දිගටම තමන්ට පහර දුන් අවස්ථාවේදී අසල තිබූ දේවස්ථානයකට දිව ගොස් බේරුණු බවත් එහි සිටි පුද්ගලයින් දෙදෙනකු කෑගසමින් එළියට පැමිණි අවස්ථාවේදී පහරදීමට පැමිණි දෙදෙනා පලා ගොස් බවත් එහි සඳහන් වෙයි.

පසුව දේවස්ථානයේ සිටි දෙදෙනා විසින් ආදළ මාධ්‍යවේදියා පොලීසියට කැඳවාගනු ලැබ තිබේ.

මේ සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසියෙන් කළ විමසීමකදී පැවසූවේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී අදාළ මාධ්‍යවේදීයා සහ ත්‍රීරෝද රථයේ දෙදෙනා  අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.