යාපනයේ ස්ථාන තුනකදී ආවා කල්ලියේ පහරදීම්


රොමේෂ් මධුෂංඛ

යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් ප්‍රදේශ තුනකදී නිවාස 3 කට ඊයේ (5) රාත්‍රීයේ ආවා කල්ලි පහරදීමක් හේතුවෙන් දැඩි නිවාස අලාභ හානියක් සිදු වී ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි.


චුන්නාකම් උඩුවිල් හි පදිංචි නවරත්න ඩේමින් ඉමේෂන් නැමත්තාගේ නිවසට හා උඩුවිල්හි පදිංචි ස්ටැන්ලි තනුජන් නැමත්තාගේ නිවසටද යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නිවසේ බඩු බාහිරාදියට පහරදී ඇති අතර අනතුරුව චුන්නාකම් ඉනුවිල් බටහිර ප්‍රදේශයේ පදිංචි විග්නේශ්වරන් යසින්තන් නැමත්තාගේ නිවසට පැමිණි පිරිසක් විසින් නිවසේ තිබූ භාණ්ඩ රැසකට හානි කර පලා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියයි.


අදාළ පහරදීම් වලින් කිසිදු පුද්ගල හානියක් සිදු නොවී ඇති අතර නිවෙස් අලාභ හානි පමණක් සිදු කර නිවෙස්හි තිබූ යතුරුපැදි ,ත්‍රී රෝද රථ, ජනෙල් ,ගේට්ටු, රූපවාහිනී ඇතුළු උපකරණ සියල්ලක්ම විනාශ කර තිබේ.