යාපනය වෙසක් කලාපය මැයි 21-22


යාපනයේ වෙසක් කලාපය මැයි 21 හා 22 පැවැත්වීමට නියමිත බව උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව කී ආණ්ඩුකාරවරයා වෙසක් කලාපය යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ සිට නාගවිහාරය දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කීය.