( රංජිත් රාජපක්‍ෂ )
යාපනයේ මහා අධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින් ඉලක්ක කර ගනිමින් යාපනයේ දී සිදුවු වෙඩි තැබිමේ සිද්ධියට විරෝධය දක්වමින් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නිතිඥවරු අද (27) අධිකරණ කටයුතුවලින් ඉවත් වී අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් කළහ.
අධිකරණයේ ස්වාධිනත්වය රැකගැනිමට සියලූ දෙනා කටයුතු කළ යුතු බව එම නීතීඥවරු පැවසූහ.අද කැඳවිමට තිබු නඩු වෙනත් දිනයක කැඳවිමට අධිකරණය කටයුතු කර තිබේ.