යසෝධ රංගෙබණ්ඩාරගේ මෝටර් රථය අනතුරක


(සටහන ජායාරුප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හිටපු මන්ත්‍රී හා රාජ්‍ය නොවන අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇතිබව ආණමඩුව පොලිසිය කියයි.

යසෝධ රංගේ බණ්ඩාර මහතාට අයත් බව කියන මෙම සුඛෝපභෝගි මෝටර් රථය ආණමඩුව සිට පුත්තලම දෙසට  ගමන් කරමින් සිටියදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටිමේන් අනතුරට ලක්වි ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් පසු ටිපර් රථයේ රියදුරු පලා ගොස් සැඟවී සිටි බව පොලිසිය කියයි.

මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති නමුත් මෝටර් රථයේ කිසිවකුටවත් තුවාල සිදුවී නැත. පසුව මෙම වාහන පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේදී මාර්ගයේ වෙනත් වාහනයක් හෝ පුද්ගලයකු ගමන් නොකිරීම නිසා අනතුරින් ජීවිත හානි සිදුවී නැත.  

ආණමඩුව පොලීසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ .