(ක.ග.කරුණාරත්න)
හබරණ-ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයේ මහමොරකන්ද ප‍්‍රදේශයේදී අද(30) සවස කැබ් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් වූ අනතුරෙන් යතුරුපැදිය පැදවූ සිසුවෙකු මිය ගිය බව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ හබරණ, හතරැස්කොටුව, මහමොරකන්ද පදිංචි ගුණවටුනගේෂෙහාන් අනුරාධ නමැති 13 හැවිරිදි පාසල් සිසුවෙකි.
තුවාල ලැබූ සිසුවා හබරණ රෝහළට ඇතුළත් කිරීමෙන්පසු මියගොස් ඇත.
හබරණ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ කැබ්රථය, ඊට ඉදිරියෙන් ගමන්ගත් යතුරුපැදියේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුර සිදුකළ කැබ් රථයේ රියැදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
හබරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.