යතුරුපැදි-මොටර් රථ අනතුරකින් අයෙක් රෝහලේ


(රංජිත් රාජපක්ෂ )

යතුරුපැදියක් හා  මෝටර් රියක් එකිනෙක ගැටීමෙන්  යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.

අද (30) පස්වරු 1 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල ප්‍රදේශයෙදිය.

යතුරුපැදිකරු අපරික්ෂාකාරි ලෙස ඉදිරියෙන් ධාවනය වු මොටර් රථය ඉස්සර කරනවාත් සමග ප්‍රතිවරුද්ධ දිශාවෙන් ධාවනය වු මෙටර් රථයේ ගැටි යතුරැ පැදි කරු  යතුරු පැදියක් සමගම ඉදිරියට ඇදි ගොස් තුවාලකරු ඉස්සර කර ගිය මොටර් රථයේද ගැටි ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය  සඳහන් කළේය.