යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට


(අධිකාරි මුදියන්සේ)

ටිපර් රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවකු අද (15) උදෑසන මිය ගොස් ඇති බව පොල්ගහවෙල පොලිසිය පවසයි.

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල රෝහල් හන්දියේ දී අද උදැසන කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මියගිය පුද්ගලයා පොල්ගහවෙල දිවුල්කුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56 ක පුද්ගලයකි.

ටිපර් රථයේ රියදුරු පොල්ගහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.