(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල, රොසීටා සත්ත්ව ගොවිපල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අද (10) සවස සිදු වු අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි මනෝහරන් ගනේෂ් (28) නැමැති තරුණයෙකු බවට අනාවරණය වී තිබේ.
තලවකැලේ ප්‍රදේශයේ සිට හැටන් දක්වා ගමන් කරමින් තිබු යතුරුපැදිය එම දෙසටම ධාවනය වු ත්‍රී රෝද රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදි යතුරුපැදිකරු ද එම දෙසටම යතුරු පැදිය ධාවනය කිරීමේදි මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රී රෝද රථයේ වැදුණු යතුරු පැදිය එක් පැත්තකටත් යතුරු පැදිකරු තවත් පැත්තකටත් විසිව ගොස් මාර්ගය අසල පිහිටි කිලෝමීටර් කණුව වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අනතුරු සම්බන්ධයෙන් දිඹුල- පතන පොලීසිය වැඩිදුර විමර්න කටයුතු සිදු කරනු ලබයි.