(නිමල් ජයරත්න)
දිඹුලාගල මගුල්දමන ප‍්‍රදේශයේ සිට කොළඹ දක්වා යතුරු පැදියකින් යමින් සිටියදී යතුරුපැදිය පාරෙන් ඉවතට සිදුවූ අනතුරින් පුද්ගලයකු මියගිය බව අරලගංවිල පොලිසිය පවසයි.
මගුල්දමන හන්දියේ දී යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක වැදී අනතුර සිදුවී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ පහළ ඇල්ලේවැව පදිංචිව සිටි 39 හැවිරිදි බී.ජී. ලාල් කුමාර යන අය වේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ලැබූ කාන්තාව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.