යතුරු පැදි කල්ලියක 3ක් අත්අඩංගුවට


(ක.ග. කරුණාරත්න)

හබරණ සහ ඒ අවට ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුකරන ලද යතුරු පැදි සොරකම් කිරීම්වලට සම්බන්‍ධ සංවිධානාත්මක කල්ලියක සැකකරුවන් 03 දෙනෙකු අද (16) අළුයම අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි.

සොරකම් කරනලද බව කියන යතුරුපැදි 08ක්ද, පොලීසිය විසින් සොයාගෙන ඇත. සොරාගන්නා ලද ඇතැම් යතුරුපැදි පෞද්ගලික උකස් මධ්‍යස්ථානවල උකසට තබාමුදල් ලබාගෙන ඇතිබව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී තිබේ.

සැකකරුවන් ජයන්තිපුර, ගිරිතලේ, හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත. ඔවුන් පොලීසියට ප්‍රකාශකර ඇත්තේ තමන් රැකියාව ලෙස කුලීවැඩකරන බව යැයිද පොලිසිය පැවසීය.

හබරණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.