(ක.ග කරුණාරත්න)
ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා දියබෙදුම පොලිස් මුරපොළට පැමිණි පුද්ගලයෙකුට ආරවුල ඇතිකරගත් අනෙක් පාර්ශවකරු යකඩ පොල්ලක් රැගෙනවිත් පොලිස් මුර පොළ තුළදීම පහර දී බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ග ගත කිරීමෙන් අනතුරුව අද (23) මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි.
පෙරදින (22) රාත්‍රි 10.00 ට පමණ ඇතිවී යැයි කියන මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එච්.පී.ඩී සිල්වා නැමැති 44 හැවිරිදි ව්‍යාපාරිකයකු බව අනාවරණයවී ඇත.
තුවාලකරු මියගොස් ඇත්තේ පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා සිටියදීය. ඒ රෝහලට ඇතුළත් කිරීමට පෙර බව පොලීසිය සඳහන් කළේය.
පහරදීම සිදුකළ පුද්ගලයා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.