(කේ බුද්ධික කුමාරසිරි)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක වැවහේන පාර ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයෙන් යාමට තැත්කල මෝටර් රථයක් පාදුක්ක දෙසට ගමන් කරමින් තිබූ රේල් බසයක ගැටිමෙන් අද (20) සවස සිදු වූ අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදු ව තිබුණි.
එම දුම්රිය හරස් මාර්ගයේ සේවයේ නිරතව සිටි මුරකරු ශරීර අවශ්‍යතාවයක් සදහා අසල නිවසකට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇතැයි සිදු කල මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මීපේ පොලිසිය පවසයි.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් නොමැත මීපේ පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.