(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේදි අද (02) මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී ඉංජිනේරුවෙකු මිය ගිය බව තඹුත්තේගම පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ හොරණපාර, හැටන් පදිංචිව සිටි සුරංග සම්පත් දහනායක(41)නැමති ඉංජිනේරුවරයෙකි.
ඔහු අනුරාධපුර සිට පාදෙණිය දෙසට මෝටර් රථය ධාවනය කරමින් සිටියදී, අනෙක් මෝටර් රථය පාදෙණියේ සිට අනුරාධපුර දෙසටත් ධාවනය වී ඇති අතර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අසළ දී රථ එකිනෙක ගැටී ඇති බව තඹුත්තේගම පොලිසිය කියයි.
මින් බරපතල තුවාල ලැබු ඉංජින්ජිරුවරයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් මෝටර් රථයේ රියදුරා පොලිසිය අත් අඩංගුවට ගෙනතිබේ.
රියැදුරු අද (02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.