(එස්. ඩි .කොඩිකාර )
මොරවක , අතුඇළ ඇතා මල ඇල්ලේ දිය නා විනෝද වීමට පැමිණි තරුණයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අද (19) මිය ගොස් ඇතැයි මොරවක පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ (22) හැවිරිදි ලිව් පොද්දෙනිය,බෝපගොඩ අකුරැස්ස ලිපිනයේ පදිංචි බටදුර මී ඇල්ලගේ හසිත් සචින්ත නැමැති වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරන තරුණයෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත .
මෙම තරුණයන් සිව්දෙනා අද දහවල් යතුරු පැදි දෙකකින් ඇතා මල ඇල්ලට පැමිණ බීර බී විනෝද වී ජල විදුලිබලාගාරය ආසන්නයේ දිය නාමින් සිටින අතර තුර එක් අයෙකු මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මිය ගිය තරුණයාගේ සිරුර ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව ගොඩට ගෙන මොරවක රජයේ රෝහලට රැගෙන ගොස් තිබූ අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (20) මොරවක රජයේ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

