(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයට යටවූ නාඋල - පැරණි ඇළහැර මාර්ගයේ රෝහණ ගම්මානය යළි මතුවීමත් සමඟ එහි වූ ගල්වලේ ඇළ පාළමේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා යකඩ කිසියම් පිරිසක් විසින් කපාගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
අධි තාක්ෂණික කැපුම් උපකරණ භාවිත කරමින් ගල්වලේ ඇළ පාලමේ යකඩ සැලසුම් සහගතව කපාගෙන ගොස් ඇති බව ද, කපා ඉවත්කරගෙන ඇති යකඩ ගෙන යෑම සඳහා බැකෝ යන්ත්‍ර මෙන්ම ලොරි රථ ඇතුළු ගෑස් කටර් යන්ත්‍ර ද යොදාගෙන ඇති බව ප්‍රදේශවාසීහු කියා සිටිති.
ජලයෙන් යටවී තිබූ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් යළි මතුවීමත් සමඟ එම පැරණි ගම්මානවලට අයත් ද්‍රව්‍ය විවිධ පුද්ගලයින් විසින් රැගෙන යන තත්ත්වයක් දක්නට ඇතැයි ගම්වාසීහු කියති.
වසර ගණනක් පැරණි මෙම පාලම හරහා ඇළහැර දෙසට ප්‍රවාහන කටයුතු සිදු වූ අතර මේ වන විටත් විවිධ අවශ්‍යතා සඳහා ඇතැම් රථවාහන පාලම හරහා ගමන් කරනු ලැබේ.
මොරගහකන්ද ජලාශය අවට පදිංචිකරුවන් බොහෝදෙනෙකු කියා සිටියේ ගල්වලේ ඇළ පාලමේ මේ වන විට ඉතිරිව ඇත්තේ එක් යකඩයක පමණක් බවයි. එබැවින් පාලම හරහා ගමන් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද ඔවුහු කියාසිටිති.